ChatGPT හි නවතම අනුවාදය GPT-5 එළි දක්වයි

ChatGPT හි නිර්මාතෘ වන OpenAI විසින් එහි නවතම අනුවාදය වන GPT-5 එළි දක්වා තිබෙනවා.

මෙම නව අනුවාදය “වඩාත් බුද්ධිමත්, වේගවත් හා ප්‍රයෝජනවත්” බවයි OpenAI සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Sam Altman කියා සිටින්නේ.

එයට ආචාර්ය උපාධි මට්ටමේ විශේෂඥතාව ලබා දිය හැකි බවත් ඔහු සඳහන් කරනවා.

“GPT-5 වැනි දෙයක් තිබීම මානව ඉතිහාසයේ පෙර කිසිදා සිතාගත නොහැකි දෙයක් වනු ඇතැයි මම සිතමි”, යනුවෙන් ඔහු GPT-5 එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවා.

ක්‍රියාකාරීත්වය, තර්කනය සහ අනුමාන පෙන්වන පිළිතුරු සමඟින්, OpenAI GPT-5 මගින් මෘදුකාංග සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමට සහ වඩා හොඳ තර්කන හැකියාවන් පෙන්වීමට ඇති හැකියාව ඉස්මතු කර ඇත.

එසේම එය වඩාත් අවංක වීමට, පරිශීලකයින්ට වඩාත් නිවැරදි ප්‍රතිචාර ලබා දීමට පුහුණු කර ඇති බවත්, එය සමස්තයක් වශයෙන් වඩාත් මානුෂීය ලෙස දැනෙන බවත් OpenAI සඳහන් කරනවා.