මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ඉහළට

පසුගිය වසරේ පළමු මාස 06ට සාපේක්ෂව මේ වසරේ මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය මේ වසරේදී ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසනවා.

කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරී මිල ගණන් පවත්වාගෙන යාමෙන් මෙම ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකි වූ බවයි එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.