පසුගිය ජූලි මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2025 ජූනි මාසය හා සැසඳීමේ දී 1%ක වර්ධනයක් වනවා.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.

