උසස් පෙළ විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන එහෙත් මින් පෙර ඒ සඳහා ලබා දුන් කාල සීමාව තුල අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට අද සිට 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.