ඉන්දුනීසියාවේ Lewotobi Laki-laki ගිනිකන්ද පුපුරා යයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ පිහිටි Lewotobi Laki-laki ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.

කිලෝමීටර 10 කට වඩා උස දුමාරයක් පිට කළ බවයි එරට ගිනි කඳු විද්‍යා ඒජන්සිය පැවසුවේ.

මේ හේතුවෙන් ගිනිකන්දෙන් කිලෝමීටර 6-7 ක ප්‍රදේශයක සිටින ජනතාව ඉවත් කර තිබෙනවා.

අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් මඩ ගලා යාමේ අවදානම් පිළිබඳව ප්‍රවේශම් වන ලෙසත් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගිනි කන්ද මෑත අවස්ථා ගණනාවක දී ම පුපුරා ගිය අතර පසුගිය ජූලි මස මුලදී පුපුරා යාමෙන් කිලෝමීටර 18 ක් උසට දුමාරයක් හට ගනු ලැබුවා.