ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට 15%ක තීරු බද්දක්

දකුණු කොරියාවෙන් ආනයනය කරන ආනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය 15% ක තීරුබදුවක් අය කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.

දෙරට අතර වෙළඳ ගිවිසුමක් ඇති කර ගෙන ඇති අතර ඒ හරහා දකුණු කොරියාව විසින් එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 350ක ආයෝජන සිදු කිරීමට නියමිතයි.

මෙම වෙළඳ ගිවිසුම සාර්ථක එකක් බවයි දකුණු කොරියාව සඳහන් කර ඇත්තේ.

මින් ඩොලර් බිලියන 150 ක් යුද නැව් ඇතුළු නැව් තැනීමට යෙදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.