දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ”මහනුවර ඇසළ පෙරහැර – 2025″ තොරතුරු කළමණාකරන පද්ධතියක් ශ්රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
රථගාල් කළමණාකරණය කරනු ලබන පොලිස් නිලධාරින් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරනු ලබන අතර එම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා ජනතාවට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකියි.
මෙම පද්ධතියට පිවිසීමට :-
ඒ අනුව, www.police.lk යන පොලිස් වෙබ් අඩවියට පිවිස “මහනුවර ඇසළ පෙරහැර” හෝ https://kandyesalaperahera.police.lk යන යෙදවුම් භාවිත කළ හැකියි.

