රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 8.8ක අගයකින් යුතු ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා .
USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.
එසේම මීට අමතරව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් වන අතර එය ජනාකීර්ණ නොවන කොටසක බවයි සඳහන් වෙන්නේ.

