ඖෂධ හිඟය පියවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.
එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවේදී සඳහන් කර ඇත්තේ පසුගිය වසරවල ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් හේතුවෙන් වර්තමාන ඖෂධ හිඟය මතුව ඇති බවය.
එසේම ලබන වසර සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් 2026 වසරේදී කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බවටයි ඔවුන් එහි දී අවධාරණය කර ඇත්තේ.
මෙම වසර අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධවලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් රට තුළ ලබා ගත හැකි වෙනු ඇතැයිද අපේක්ෂා කරන බවද ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.
එසේම දැනට ඉතා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍යවල හිඟයක් නොමැති බව ද ඔවුන් මෙහි දී තහවුරු කරනු ලැබුවා.

