බස්නාහිරට සහ අධිවේගී මාර්ගවලට අද සිට Govpay

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.

දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල මේ හරහා ඉතිරි වන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම ඉදිරි මාස කිහිපය තුළ සෙසු පොලිස් ස්ථානවලට ද දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා