පොලිසියට සහාය වෙන්න සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000 ක්

පොලිස් සේවයට සහාය වීම සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000 ක් අනියුක්ත කිරිමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් රට පුරා පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරන බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ.

එසේම දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තීව්‍ර කර ඇති බවත්, එම මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළා.