2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 9 වනදා ආරම්භ වනවා.
එහි පළමු තරගය එදින ඇෆ්ගනිස්තානය හා හොංකොං රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් 08ක් කාණ්ඩ 02ක් යටතේ තරගවැදීමට නියමිතව ඇත.
එහි A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ඇතුළත් වේ.
B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං ඇතුළත් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 13 වනදා බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.


