අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් ආනයනය කිරීමේ සැලසුමක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආනයනය කිරීමට තීරණය කර තිබේ.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සඳහන් කළේ ජනතාවට සහනදායී මිල ගණන් යටතේ ලබා දීම සඳහා මෙම තීරණය ගත් බවයි.

පසුගිය වසර කිහිපය තුළ සමූපකාර දෙපාර්තමේන්තුවට අයත් ආයතන, තොග වෙළෙඳාම් කටයුතුවල නිරත නොවූ අතර ඒ හේතුවෙන් අතරමැදියන් සදහා විශාල මුදලක් ගෙවීමට සිදුව තිබුණි.

ඒ අනුව අතරමැදියන් සදහා යන වියදම් නැති කර, සහනදායී මිලට ජනතාවට භාණ්ඩ ලබාදීම වෙනුවෙන් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.