අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.98 සිට රුපියල් 297.99 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 305.52 සිට රුපියල් 305.51 දක්වා සුළු වශයෙන් අඩු වී තිබේ.