තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලසීමාවකට වලංගු වනවා.

එම නිවේදනයේ දක්වා ඇත්තේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැ.කි.මී.55-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

එසේම දිවයිනේ සෙසු  ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.