ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැ

ඊයේ (22) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගත් බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මේ අතර 2025 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.8% ක ස්ථිර වර්ධනයක් වාර්තා කළ බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම වර්ධන ගම්‍යතාවය කෙටි කාලීනව දිගටම පවතිනු ඇති බවට ආර්ථික දර්ශක යෝජනා කරන බව සඳහන්