මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පවසයි.
එම රෝගීන් 09දෙනා අතර පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළ ද වන බව ඔහු පැවසීය.
මාවනැල්ලේ පැවැති එම විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති බව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පැවසීය.
එම විවාහ උත්සවයේ මනාලියගේ පාර්ශ්වයෙන් පැවැත් වු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවු බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශ්වයෙන් මාවනැල්ල ඹ්වත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අවනතනොවී කටයුතු සිදුවී තිබූ බවද මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

