ජූලි මාසයේ මුල් දින 16 තුළ පමණක් සංචාරකයින් 98,765ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙය 2024 වසරේ ඒ කාලය සමඟ සසඳන විට සංචාරකයන් 1,724කින් වැඩිවීමක් ලෙසයි සටහන් වෙන්නේ.
මේ අනුව වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.26 ඉක්මවා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ජූලි මාසය සඳහා සංචාරක පැමිණීම් 277,195ක් ලෙස පුරෝකථනය කර ඇති බව සඳහන්.

