ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.23 සිට රු. 297.30 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.73 සිට රු. 304.81 දක්වා ඉහළ ගොස් තිබේ.

