තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වනවා.

එම නිවේදනයේ දක්වා ඇත්තේ එම ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 50 – 60ත් අතර වැඩි වෙන අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවයි.

මේ අතර මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර පමණ ඉහළ යා හැකිය.

මේ නිසාවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතී.

නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.