දින 50ක් ඇතුළත සටන් විරාම ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් 100%ක ද්විතීයික තීරුබදු පනවන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබෙනවා.
ධවල මන්දිරයේදී නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවති හමුවීමක් අතරතුර දී ට්රම්ප් මේ බව සඳහන් කළා.
රුසියාව සමඟ තමා “ඉතාම අසතුටින්” සිටින බවත් නේටෝව හරහා යුක්රේනයට “ඉහළම” අවි ලබා දීමේ සැලසුම් නිවේදනය කර ඇති බවත් ඔහු මෙහි දී කියා සිටියා.
මේ අතර, යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ අද කියෙව්හිදී යුක්රේනයේ ඇමරිකානු නියෝජිත කීත් කෙලොග් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි.

