උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ සඳහා ජුනි මස 26 දින සිට ලබන ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලබනවා.

ඒ අනුව සියලු ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එසේම පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාල උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර ලබන ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පැයෙන් පසුව මෙම විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අවසන් වන අතර කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

වැඩිදුර විමසීම්

දුරකථන අංක – 0112784208/0112784537/0112785922

ක්ෂණික ඇමතුම් අංකය – 1911

විද්‍යුත් තැපෑල – gcealexam@gmail.com