යුරෝපා සංගමයට ට්‍රම්ප්ගෙන් 30%ක තීරු බද්දක්

මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පැනවීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

මෙම නව බදු ලබන අගොස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා නව තීරුබදු නිවේදනය කර තිබෙනවා.

මේ අතර අගෝස්තු 01 සිට ජපානය, දකුණු කොරියාව, කැනඩාව සහ බ්‍රසීලය යන රටවලින් පැමිණෙන භාණ්ඩ සඳහා ද නව තීරුබදු පනවන බවයි ට්‍රම්ප් සඳහන් කරන්නේ.