Air India ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි

පුද්ගලයන් 260ක් ජීවිතක්ෂයට පත් කරමින් පසුගිය දා අහමද්බාද් හි සිදු වූ Air India ගුවන් යානා අනතුර පිළිබඳව වූ මූලික වාර්තාව නිකුත් වී තිබෙනවා.

ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අනිත් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ සදහන්.

කෙසේවෙතත් විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලබ සිදුවීමක් බවයි.

බ්‍රිතාන්‍ය ජාතික විශ්වෂ්කුමාර් රමේෂ් මෙම අනතුරෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වනවා.