ඇසල පොහොය වෙනුවෙන් දන්සල් 8,355ක්

ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.

එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න පිරිසක් විසින් දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදු කිරීමට නියමිතයි.