එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ විරසකයෙන් පසුව තමන් නව දේශපාලන පක්ෂයක් දියත් කරන බව Elon Musk පවසනවා.
තම සමාජ මාධ්‍ය වේදිකාව වන X හි නිවේදනය කළේ තමන් විසින් America Party ලෙස නව දේශපාලන පක්ෂයක් සකසා ඇති බවත්, එය රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් ද්වි-පක්ෂ ක්‍රමයට අභියෝගයක් ලෙස හඳුන්වන බවත්ය.
කෙසේවෙතත් මෙම නව පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පිළිබඳව සඳහනක් නැහැ.
එක්සත් ජනපදයෙන් පිටත උපත ලැබූ සහ එබැවින් එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ කිරීමට Musk ට හැකියාව නැහැ.

