මධ්‍යම Texas ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිය ගිය පිරිස 78 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මින් මරණ 68ක් ම සිදුවී ඇත්තේ Kerr ප්‍රාන්තයේ වන අතර එහි වූ ගැහැණු ළමයින්ගේ ගිම්හාන කඳවුරක ළමයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම මෙම හදිසි ගංවතුරෙන් තවත් 41 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම මරණ සංඛ්‍යාව නිසැකවම ඉහළ යනු ඇති බවට නිලධාරීන් අනතුරු අඟවනවා.
මේ අතර ඉදිරි පැය 24-48 තුළ කලාපයේ තවත් කුණාටු අපේක්ෂා කළ හැකි බව එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා.

