ජාතික ඩෙංගු මර්දන සතියේ පස්වන දිනය වනවිට පාසල් 185 ක මදුරු කීටයක් බෝවන ස්ථාන සොයා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, පාසල් 298 ක් පරීක්ෂාවට ලක්කර කිරීමෙන් මෙම පාසල් හඳුනා ගත් බවයි.
ජාතික ඩෙංගු මර්දන සතිය යටතේ මදුරුවන් බෝ වන පරිශ්‍ර 3,886 ක් හදුනාගෙන තිබෙනවා.
එයින් පරිශ්‍ර 100කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයිද ඇය සඳහන් කළා.

