ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන Deepika Padukone ඉන්දීය බොලිවුඩ් ඉතිහාසය අලුත් කිරීමට සමත් වී තිබෙනවා.
ඒ ප්‍රකට හොලිවුඩ් වොක් ඔෆ් ෆේම් (Hollywood Walk of Fame) හි ධාරාවකින් සම්මානිත වන ප්‍රථම ඉන්දීය රංගන ශිල්පිනිය වෙමිනුයි.
මෙය නිල වශයෙන් 2026 වසරේදී ප්‍රධානයට පත් කරන අතර මෙම ගෞරවය ඇගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව ගෝලීය වශයෙන් ඉන්දියානු සිනමාවට ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
හොලිවුඩ් වාණිජ මණ්ඩලය (Hollywood Chamber of Commerce) විසින් පසුගියදා පැවති 2026 වසරේ Walk of Fame සම්මාන ලැයිස්තුව හෙළිදරව් කරන අවස්ථාවේදී, දීපිකා පදුකෝන්ගේ නම “Motion Pictures” (චිත්‍රපට) කාණ්ඩය යටතේ නිකුත් කර තිබෙනවා.
ඇයත් සමග Emily Blunt, Rachel McAdams, Demi Moore, Rami Malek, Timothée Chalamet සහ Stanley Tucci යන හොලිවුඩ් නළු නිලියන්ගේ නම්ද මේ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා

