දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka ලබන අගෝස්තු 02 වන දා ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.
ඒ සඳහා වූ ටිකට්පත් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් City of Dreams Sri Lanka නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ටිකට්පත් විකිණීමක් සිදු නොකරන බවත්, නිල වශයෙන් සිදු කරන ආරාධනාවකින් පමණක් එයට සහභාගී විය හැකි බවත්ය.
එසේම කිසිදු තෙවන පාර්ශවයකට ටිකට්පත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත් ඔවුන් එම නිවේදනයේ අවධාරණය කරනවා.

