කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා .
ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකි බවයි දැනුම් දෙන්නේ.
නාගරික සීමාවේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් ඩෙංගු රෝගීන් 2,576ක් වාර්තා වී තිබෙනවා.

