Liverpool කණ්ඩායමේ පෙරමුණේ සිටින සුපිරි පාපන්දු ක්රීඩක Diogo Jota ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරට හේතුව ස්පාඤ්ඤයේ සිදුවූ මෝටර් රථ අනතුරක් බවයි වාර්තා වෙන්නේ.
එම අනතුරින් ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්රේ සිල්වා ද මිය ගොස් තිබෙනවා.
තවත් මෝටර් රථයක් පසුකර යාමේදී ඔවුන් ගමන් ගත් මෝටර් රථයේ ටයරයක් පුපුරා යාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.
28 හැවිරිදි Jota විවාහ වූයේ පසුගිය ජුනි මාසයේ දී වන අතර ඒ දෙපළට දරුවන් තිදෙනෙක් ද වනවා.


