වසරේ මේ දක්වා බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට ඇවිත්

වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබෙනවා.

ඒවා ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කර ඇත්තේ ධීවර යාත්‍රා මගින් රැගෙන විත් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වැටලීම් 04ක් මගින් අදාල, මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 25කී.

අදාළ වැටලීම්වලදී හොරොයින්  කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.