ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

මාසික මිල සංශෝධනය අනුව ජූලි මාසය සඳහා වූ ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසන්නේ. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වනවා.