වෛද්‍ය සංජීව තෙන්නකෝන් නැවතත් GMOA සභාපති ධූරයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා.

එසේම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත.

එම සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ දිනයේ දී පැවත්වුනා.

එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි ඔවුන් එම තනතුරුවලට නැවතත් පත්ව ඇත්තේ.