ලබන සැප්තැම්බර් මාසය වනවිට අනෙකුත් සහල්වල ද හිඟයක් නිර්මාණය වනු ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයින් අනතුරු අගවනවා.
ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හා අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.
කීරි සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට රජයට සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිසි දත්ත නොමැතිකම නිසා බවටයි ඔවුන් චෝදනා කළේ.
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙටි්රක්ටොන් 40,000ක් ආනයනය කිරීමට පසුගිය දා රැස්වුණු ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.
ඉන් සහල් මෙට්‍රික්ටොන් 5,000ක් රජයේ ආයතන මගින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමටයි එහි දී තීරණය වුණේ.

