කෘතීම මිනිස් DNA හදන්න එන Synthetic Human Genome Project

කෘතීම මිනිස් DNA නිර්මාණය කිරීමේ මතභේදාත්මක ව්‍යාපෘතියක් ලොව පළමුවරට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Synthetic Human Genome Project ලෙස හඳුන්වන මෙය MRC Laboratory of Molecular Biology වැනි ආයතනවල පර්යේෂකයන්ගේ සහයෝගයෙන්. Dr. Julian Sale වැනි විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන ව්‍යාපෘතියකි.

DNA යනු සියලුම ජීවින්ගේ ජානමය තොරතුරු ගබඩා වී ඇති කාබනික අණුවක් වනවා. අපේ ශරීරය, බොහෝ චර්යාවන් ආදිය ඇති කිරීම සඳහා මෙම DNA හේතු වන අතර DNA විකෘති වීම නිසා විවිධ ලෙඩ රෝග සහ ආබාධ ඇති වනවා.

Wellcome Trust විසින් මුලින් පවුම් මිලියන 10ක ආයෝජනයකින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, මිනිස් DNA හි විශාල කොටස්, වගේම සම්පූර්ණ ක්‍රෝමසෝම පවා කෘතිමව නිර්මාණය කිරීමට ඉලක්ක කරනවා.

මෙලෙස කෘතීම DNA නිපදවීමේ අරමුණ ලෙස දක්වා ඇත්තේ අක්මාවේ හදවතේ, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවා පවා හානියට පත් අවයව නැවත ජනනය කිරීමට භාවිතා කළ හැකි රෝග-ප්‍රතිරෝධී සෛල ජනනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් දැනට විවිධ අදහස් පළ වී ඇති අතර ඇතැමෙකු සඳහන් කරන්නේ මේ හරහා කෘතීම මිනිසුන් ද බිහි කිරීමේ අවධානමක් පවතින බවයි.