කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට අද සමත්වුණා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46 ක් ලෙසින් සටහන් වූවා.

එය පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5 ක්වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා යාමකි.

අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළ ගොස් තිබුණි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වුණා.

රු. බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.