පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඒ අනුව ලුණු සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල පහතින්,
කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180
ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240
ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120
ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර, ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ.

