ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.24 සිට රු. 295.85 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 304.63 සිට රු. 304.22 දක්වා අඩු වී තිබේ.

