ඇමරිකානු හමුදා විසින් සිදු කළ ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි ලෙස හානි සිදු වී ඇති බව අනාවරණය වනවා.
ඇමරිකාවේ ඔත්තු ඒජන්සියේ අධ්යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් පවසන්නේ මෙම ප්‍රහාර නිසා ඒවායේ තත්ත්වය වසර ගණනාවක් ආපස්සට ගිය බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවක් ඔහු සඳහන් කළේ.
කෙසේවෙතත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් කියා සිටින්නේ ඉරානයේ න්‍යෂ්ටික පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කළ බවයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් වල සඳහන් කරන්නේ මාධ්‍ය විසින් ව්‍යාජ ප්රවෘත්ති ඉදිරිපත් කරන බවයි.
මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර වූ සාම ගිවිසුම මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

