ඉරානයේ Fordo න්‍යෂ්ටික භූමියට ප්‍රවේශ වන මාර්ග ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය නව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසන්නේ එම ස්ථානයට ප්‍රවේශ මාර්ග අවහිර කිරීම සඳහා එසේ කළ බවයි.
පෙර නොවූ විරූ බලයකින් යුතුව ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කරමින් සිටින බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර අද ඉරානය විසින් ද ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර දියත් කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ප්‍රධාන බලශක්ති සමාගමේ කොටසකට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ 8,000 ක් පමණ ජනතාවට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

