සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.52 සිට රු. 296.56 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 304.88 සිට රු. 304.98 දක්වා ඉහළ ගොස් තිබේ.

