පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
එහි පළමු අදියර ලබන මස 14 වනදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ.
මේ ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ වැඩිදුර අදහස්,
“සියලුම දිස්ත්‍රික්කවල අපි තීන්දු කරලා තියෙනවා දැන් පොල් දෙසතිය කියලා තීන්දු කරලා ක්ෂණික වැඩිපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජූලි 14 වන දා ඒක ක්‍රියාත්මක කරනවා. යාපනයෙන් අපි පටන් ගන්නවා. විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කරලා හෝදලා දානවා. මේක ලොකු වැඩක්. නමුත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර අපි දැන් සුදානම් කරගෙන ඉන්නවා.”

