දෙවෙනි කොරෝනා පොකුරේ ආසාදිතයින් 5,731 දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 124ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින්ගෙන් 106 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හමුවී තිබේ.

ඒ අනුව, අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335කි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,731ක් බවය.