අමෙරිකාව විසින් ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව එහි පාලක මණ්ඩලය විසින් හෙට (23) දිනයේ මෙම රැස්වීම කැඳවා තිබෙනවා.
න්‍යෂ්ටික ආරක්ෂාව සහ ආරක්ෂාවට සිදුවන හානිය සහ අවදානම් තක්සේරු කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන බවයි අධ්යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රොසි රැස්වීම නිවේදනය කළේ.
අමෙරිකාව සිදුකළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසද එහි ඉරානය ඉල්ලා ඇති බව සඳහන්.
මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබෙනවා.

