විදෙස් ආයෝජන සම්බන්ධයෙන් වූ දැන්වීම් ගැන අවවාදාත්මක නිවේදනයක්

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම් ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳ ව මහජනතාවගේ අවධානය යොමු කරන ලෙසයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත් ව සිදු කරන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත.

ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Business Foreign Currency Accounts) හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවිම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතනවලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.

තව ද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිඳු අරමුණක් සඳහා විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන හට අවසරයක් නොමැත.

එම නිවේදනය පහතින්,