ජාතික අවම වේතන පනත් කෙටුම්පත ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 9.30 රැස් වීමට නියමිතයි.

අද දිනයේ සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත්කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය 03 වැනිදා එම පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.