ඉරාන-ඊශ්‍රායල් ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි සති දෙක තුළ තීරණය කරනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරනවා.
මේ අතර ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටින්නේ ඇමරිකාව මෙම ගැටුමට සම්බන්ධ වුවහොත් අපායක් වැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි.
මේ වන විට ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධමය තත්ත්වයට සතියක් ගත වන අතර දෙපාර්ශවයම තවමත් එකිනෙකාට ප්‍රහාර සිදු කර ගනිමින් පවතිනවා.
ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ න්‍යෂ්ටික ප්‍රදේශ වලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රහස්පතින්දා සිදු කළ ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලය පුරා පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඉරානය සිය තුවාලකරුවන් සංඛ්‍යාව කොපමණද කියා පසුගිය ඉරිදා සිට අනාවරණය කර නැහැ.

