ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලට එක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව සලකා බලමින් සිටින බව BBC වාර්තා කරනවා.
ඉරානයේ පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඇමරිකාවේ ප්‍රධාන ඉලක්කය වී ඇති අතර එය විනාශ කළ හැකි රාත්තල් 30,000 ක බෝම්බයක් ඇත්තේ ඇමරිකානුවන් සතුව පමණක් බවයි ඇමරිකාව සඳහන් කරන්නේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කොන්දේසි විරහිතව යටත් වල ලෙසට ද ප්‍රකාශ කරනු ලැබූ පසුබිමකයි මෙම සලකා බැලීම සිදු කරමින් ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසන්නේ තමා කිසි විටෙකත් ඊශ්‍රායලය සමඟ සම්මුතියක් ඇති කර නොගන්නා බවත්, යටහ්විමක් කිසිසේත් සිදු කිරීමට සැලසුම් කර නොමැති බවත්ය.
දෙරට අතර අද හයවන දිනටත් යුධමය තත්ත්වය අඛණ්ඩව පවතිනවා.

